"ජනවාරි පෙබරවාරි වනවිට මත්තල තියෙන වී තොග අපි අයින් කරගන්නවා. මත්තලට මාසිකව ලක්ෂ 8ක් දෙන්න පොරොන්දු වෙලා තියෙන්නේ. නිමල් සිරිපාල සිල්වා ඇමතිතුමා කැබිනට් තීරණ ගැන හොයලා බලලා කතා නොකිරීම ගැටලුවක්" යැයි ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී. හැරිසන් මහතා පැවසීය.
එම අමාත්‍යාංශයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඒ මහතා මෙසේ පැවසීය.
" වී ගබඩා කිරීම නිසා එයට කිසිම හානියක් සිද්ධ වෙන්නේ නැ. එහෙම වුණොත් ඒ අය වගකීම අපි භාර ගන්නව කියල .ඒ අයගේ ඒ විශ්වාසය හා වගකීම ලිඛිතව දීලා තියෙනවා. එක මාසෙකට රුපියල් ලක්ෂ 8 ගාණේ අපි ගෙවන පොරොන්දුව මත තමයි මත්තල වී ගබඩාව අපි පාවිච්චි කරලා තියෙන්නේ."
සංජීව රත්නායක/ තිසර සමල්