මත්තල ගුවන්තොටුපළ නොවසන බවත් එය ලාභදායි මාවතකට ගැනීමට බලාපොරොත්තුවන බවත් ගුවන්සේවා අමාත්‍ය රෙජිනෝල්ඩ් කුරේ මහතා පැවැසීය.
මත්තල ගුවන්තොටුලේ ක්රිකාරිත්වය පිළිබද සොයා බැලීමට අමාත්‍යවරයා අද (07දා) එහි නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මෙම අදහස් දැක්වීය.
"අපි මත්තල ගුවන්තොටුපල වසා දමන්නේ නෑ. මත්තල ගුවන්තොටුපල ලාභදායි මාර්ගයට ගන්න බලා පොරොත්තු වෙනවා. මේක සම්පතක්. ඕනෑම රටකට අතිරේක ගුවන් තොටුපළක් අවශ්‍යයි. ඒ නිසා ලංකාවේ ගුවන්යානාවලට පමණක් නොව විදේශීය ගුවන් යානාවලට පවා අතිරේක ගුවන් තොටුපළක් හැටියට හදිසි ආපදාවක දී ගොඩබැස්වීමට උදව් වන ආයතනයක් හැටියටත් ගන්න සකස් කරමින් ඉදිරි ක්‍රියාමාර්ග ගන්න බලාපොරොත්තු වෙනවා. අලුත් සැලැස්මක් මත අපි ඉස්සරහට යන්න ඕන" යැයි අමාත්‍යවරයා පැවැසීය.