මත් උවදුරෙන් රට බේරාගැනීමට සියලුම අමාත්‍යාංශ හා ආයතන කැපවීමෙන් කටයුතු කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. මැතිවරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී අමාත්‍යාංශ හා ආයතන මුහුණදී තිබෙන ගැටලු පිළිබඳ තමාට වාර්තාවක් ලබාදෙන ලෙසද ජනාධිපතිවරයා සියලුම අමාත්‍යාංශවලින් ඉල්ලීමක් කරයි.
මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේදී මතුව තිබෙන ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට ඊයේ (31දා) ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති විශේෂ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
මත්ද්‍රව්‍ය වැටලීම් කටයුතු සඳහා නව තාක්ෂණය යොදාගැනීම මෙන්ම අවශ්‍ය නිලධාරීන් පුහුණු කිරීමේ කටයුතු තවදුරටත් වර්ධනය කළ යුතු බවද ජනාධිපතිවරයා එහිදී පැවසීය.
මත්ද්‍රව්‍ය වැටලීම සිදුකරන සිදුකරන නිලධාරීන් උනන්දු කරවීමේ අරමුණින් ඔවුන් ඇගයීමට ලක්කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කළ යුතු බවත්, මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට සියලුම දෙනා සහයෝගයෙන් කටයුතු කළ යුතු බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේය.
මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේදී අමාත්‍යාංශ සහ ආයතන මුහුණ දී ඇති ගැටලු අඩුපාඩු පිළිබඳව හා නව යෝජනා පිළිබඳව වාර්තාවක් ලබාදෙන ලෙසටත් ජනාධිපතිවරයා අමාත්‍යාංශ ලේකම්වරුන්ට උපදෙස් ලබාදුන්නේය.
මෙම අවස්ථාවට ‘ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන්, ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පතිවරයා ඇතුළු ආරක්ෂක අංශ සහභාගී වූහ.