කොළඹ නගරය සංවර්ධනය කිරීම මගින් එහි වෙසෙන ජනතාවගේ ජීවන තත්වයද ඉහළ නැංවෙනු ඇති බවත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. කොළඹ නගරයට වසංගතයක් වී ඇති කුඩු උවදුර තුරන් නොකර කෙතරම් නිවාස ඉදිකළත් වැඩක් නැති බවද එහිදී අගමැතිවරයා පෙන්වාදුන් අතර මත්උවදුර මැඬලීම සඳහා ආගමික ස්ථානවල සහය අවශ්‍ය බවත්, එය මර්දනය කිරීමට අවශ්‍ය තරම් මුදල් ප්‍රතිපාදන ලබාදිය හැකි බවත්, අග්‍රාමාත්‍යවරයා පැවසුයේ කොළඹ නාගරික බල ප්‍රදේශයේ අඩු පහසුකම් සහිත නිවාසවල ජීවත් වූ ජනතාව වෙනුවෙන් ඉදි වූ "සියසෙත සෙවණ" මහල් නිවාස සංකීර්ණය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වනේ ඊයේ (05දා) ජනතා අයිතියට පැවරුණු අවස්ථාවේදීය.
රුපියල් ලක්ෂ 13,300ක වියදමකින් ඉදි කළ මෙහි, නිවාස ඒකක 266කින් සමන්විතය.
එක් නිවාසයක නිදන කාමර දෙකක්, විසිත්ත කාමරයක්, මුළුතැන් ගෙයක්, සඳළුතලයක් සහ සනීපාරක්ෂක පහසුකම් වලින් ද සමන්විත වන අතර මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක ‘දිවිසරු පුරවර‘ වැඩසටහන යටතේ මෙම නිවාස ව්‍යෘපෘතිය ඉදි කර ඇත.
මාළිගාවත්ත ටවර් ෆ්ලැට්, රාජගිරිය වේළුපුල්ලේ වත්ත, සහ පංචිකාවත්ත අබේසිංහාරාම පාර යන ප්‍රදේශවල පදිංචිකරුවන් මෙම මහල් නිවාස සංකීර්ණයේ ප්රතිලාභ ලබන්නන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.