අම්පාර, මණ්ඩූර් ප්රදේශයේදී අද (26දා) වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. යතුරු පැදියකින් පැමිණ මෙම වෙඩිතැබීම සිදුකොට තිබෙන අතර එයින් මණ්ඩූර් ප්රාදේශීය සභාවේ සේවය කළ සමාජ සේවා හා සංස්කෘතික කටයුතු නිලධාරියා තුවාල ලබා තිබෙනවා. තුවාලකරු කලවංචිකුඩි රෝහලට ඇතුළත් කොට තිබෙනවා. ඔහුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග කියනවා.