බණ්ඩාරවෙල, කිතල් ඇල්ල, රත්මල්කන්ද ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ, රත්මල්කන්ද ආරණ්‍ය සේනානාධිපති පූජ්‍ය මඩවල උපාලි හිමියන් විසින් නිපද වන ලද නව නිපැයුම් රථයකට පේටන්ට් බලපත්‍රයක් ලැබී තිබේ.
සූර්ය ශක්තිය, විභව ශක්ති, ප්රතිප්රාප්තිය මූල ධර්මය හා විද්‍යුත් ප්‍රතිගාමක බලය උපයෝගී කරගෙන මෙම නිපැයුම සිදුකළ බව උපාලි හිමියෝ පවසති.
මෙය සූර්ය ශක්තියෙන් ක්‍රියාකරන බවත්, ධාවනයේදී ඇති විභව ශක්තිය හා තිරිංග යෙදීමේදී ක්ෂය වන චාලක ශක්තියද නැවත විද්‍යුත් ශක්තිය බවට හරවා එම ශක්තිය නැවත බැටරිය වෙතම ගබඩා කර භාවිතයට ගැනීම මෙහි විශේෂත්වයක් බවද උන්වහන්සේ සඳහන් කරති.
දැනට ලෝකයේ බරපතළ ප්‍රශ්නයක් වන ගෝලීය වායු දූෂණයට හා උණුසුම්කරණයට ඍජුව බලපාන කාබන්ඩයොක්සයිඩ්, සල්ෆර්ඩයොක්සයිඩ් ආදී විෂ වායු පිට නොකිරීම මෙම රථයේ ඇති තවත් විශේෂත්වයකි.
ඇවිදීමේ අපහසුතාවන් ඇති සියලු දෙනාට, ව්‍යාපාරික පරිශ්‍රයේ නිතර එහාමෙහා ගමන් කරන නිලධාරීන්ට හා කාර්යමණ්ඩලයට මෙම රථය මනා පිටිවහලක් වන බවද උන් වහන්සේ පෙන්වා දෙති.
සාමාන්‍ය ගමනාගමනයට වුවද, වියදම් රහිතව මෙම රථය යොදාගත හැකිය. උපරිම වේගය පැයකට කිලෝමීටර් 30කි. පුද්ගලයන් දෙදෙනෙකුට මෙහි පහසුවෙන් ගමන් කළ හැකිය.
පැවිදි වීමට පෙර උන්වහන්සේ විද්‍යා ගුරුවරයෙකි. තම ආරණ්‍ය සේනාසනයේ සිට විවිධ පර්යේෂණවල යෙදෙන උපාලි හිමියන් චතුර ධර්ම දේශකයාණන් වහන්සේ නමක ලෙසද ප්රකටය.