මඩකලපුව දිස්ත්‍රික් විරැකියා උපාධිධාරීන් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද (21දා) උදෑසන මඩකලපුව මහත්මා ගාන්ධි උයන ඔරලෝසු කණුව ඉදිරිපිටදී ආරම්භ විය.
දිස්ත්‍රික්කයේ 2012 වසරේ පටන් පත්වීම් ලබා නොදුන් උපාධිධාරීහු 1500දෙනෙක් මෙයට එක් වූහ. තමන්ට ස්ථීර පත්වීම් ලබා දෙන ලෙස පළාත් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින විරෝධතා වැකි අඩංගු පුවරු ඔසවාගෙන සිටියහ.
කාන්තා උපාධිධාරීහු විශාල පිරිසක්ද මෙම විරෝධතාවට එක් වූහ.
මඩකලපුව - ජවුෆර්කාන්