මට හෙනයක් වුණේ එජාපය හැර යාමයි
එක්සත් ජාතික පක්ෂය හැර යාම තමන්ට ගැටලුවක් බවට පත් වූ බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමට යැයි ඉල්ලීමක් කළ හැක්කේ එක්සත් ජාතික පක්ෂයට පමණක් බවත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පැවැසීය.
කොළඹදී අද 03දා පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයා,
“ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග වත්මන් ආණ්ඩුව නිර්මාණය කළේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතායි. එක්සත් ජාතික පක්ෂය නිසයි හැමෝම බේරිලා ඉන්නේ. රනිල්ට විරුද්ධව ඡන්දය දෙනවා නම් ඔවුන්ගේ උප්පත්තිය බලන්න ඕන. මර්වින් සිල්වාට හෙනයක් වුණේ එජාපය හැර යාමයි.ʼ යැයි ද පවසා සිටියේය.
මර්වින් සිල්වා මහතා ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වෙනවාදැයි යන්න පිළිබඳව මාධ්‍යවේදියෙකු විමසූ පැනයට ඔහු නිසි පිළිතුරක් ලබා නොදුන්නේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


