මට මෙහෙමනම් ජනතාවට කවර කතාද - පොලිස් ඇමති පොලීසියෙන්ම අසයි
දක්ෂිණ අධිවේගී සිය නිල රථය අනතුරට පත්විමෙන් පසුව තමන්ට තැනින් තැනට යාමට සිදුවූ බවත් අනතුර සිදුකළ වාහනය අත්අඩංගුවට ගන්නවා වෙනුවට තමන්ගේ වාහනය පොලිස් භාරයට ගත් බවත් අඩුම තරමින් තමන්ට නිවසට යෑමට පවා වාහනයක් නොතිබුණ බවත් නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවැසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අරලියගහ මන්දිරයේදී අද (02දා) පැවැති කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සහ පොලිස් අධිකාරීවරුන්ගේ රැස්වීමේදීය. මේ සඳහා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාද පැමිණ සිටියේය.
එසේම පොලීසියේ රාජකාරි පිළිබඳව තමන්ට සතුටුවිය නොහැකි බවත් ගල්කිස්ස සිදුවීම පිළිබඳව වැඩ බලන පොලිස්පතිවරයා මුලින්ම දැනුවත් කළේ තමන් බවත්, ගල්කිස්සේදී සරණාගතයන් සම්බන්ධයෙන් ඇතිවූ සිදුවීමේදී පොලීසිය ක්‍රියා කළ ආකාරය පිළිබඳවද තමන්ට සතුටුවිය නොහැකි බවද සාගල රත්නායක මහතා පවසා සිටියේය.
දක්ෂිණ අධිවේගී මාර්ගයේදී රිය අනතුරක් සිදුවූ බවත් එහිදී වාහනයක් තම වාහනය වම්පසින් ඉස්සර කර සිය නිල රථයද හප්පාගෙන ගිය අතර එම සිද්ධියේ වගකීම කිසිවෙකු බාරගෙන කටයුතු නොකළ අතර, තමන් එහිදී තැනින් තැනට මාරුවෙමින් සිටි බව අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේය.
මෙවැනි සිද්ධියකදී ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳව ක්‍රමයක් පොලීසිය තුළ සකස්කර ඇති බවද අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේය.
“අඩුම තරමේ, මට ගෙදරට හෝ යෑමට අවස්ථාව නොදුන් අතර හප්පාගෙන ගිය පුද්ගලයා සෙවීමට නොගොස් මාව වාහනෙන් බස්සලා හැප්පුණු තමන්ගේ වාහනය පොලීසියට රැගෙන ගියා. මට එහෙමනම් ජනතාවට පොලීසිය පිළිබඳව විශ්වාසයක් තැබිය හැකිවේද යන්න පිළිබඳවද ප්‍රශ්නයක් මතුවෙනවා."
මට මේ සිදුවන සිදුවීම් පිළිබඳව විශාල සැකයක් පවතිනවා. මීට පෙර අග්‍රාමාත්‍යවරයාගේ ආරක්ෂක පරිවාර රථ නුවරඑළිය ප්‍රදේශයේදී ගමන් කිරීමේදීද ප්‍රශ්නයක් ඇතිවූවා. මෙවැනි සිදුවීම් වනවිට පොලීසිය පිළිබඳව ජනතාවට විශ්වාසය තැබිය හැකිද“ යන්න පිළිබඳව පවා අමාත්‍ය සගාල රත්නායක මහතා මෙහිදී පොලිස් අධිකාරීවරුන්ට දන්වා සිටියේය.
ඒවගේම යම්කිසි සිදුවීමක් වූ විට විශේෂයෙන්ම බරපතළ ක්‍රියාවක් වගේ සිද්ධියක් ඇතිවූ විට එම ස්ථානයට කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා හෝ පොලිස් අධිකරීවරයා යායුතු බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.
පසුගියදා ගල්කිස්සේදී ඇතිවූ සිද්ධිය පවා වැඩබලන පොලිස්පතිවරයාට මුලින්ම දැනුවත් කළේ තමන් බවත්, බොහෝ අවස්ථාවල්වලදී තමන් පොලිස්පතිවරයාගෙන් විවිධ සිද්ධීන් පිළිබඳව විමසද්දී එම සිදුවීම් පිළිබඳව පොලිස්පතිවරයාද නොදැනුමත් බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
එමෙන්ම ඇතැම් අවස්ථාවලදී පොලිස් ස්ථාන, කොට්ඨාස බාර පොලිස් නිලධාරී කාර්යාලවලින් අදාළ ප්‍රදේශයේ ව්‍යාපාරිකයන්ගෙන්, විවිධ පුද්ගලයන්ගෙන් තීන්ත, කෑම බිම සහ වෙනත් ද්‍රව්‍ය එකතු කරන බවටද තොරතුරු වාර්තාවී ඇතැයිද අමාත්‍යවරයා එහිදී කියා සිටියේය.
පොලීසියේ උත්සවයක් හෝ වෙනයම් කටයුත්තක් තියෙනවා නම් ඒ සඳහා අවශ්‍ය මුදල් පොලිස් දෙපාර්තමේන්තුවෙන් ලබාගන්නා ලෙසත් ප්‍රදේශයේ සිටින විවිධ පුද්ගලයන් පසුපස ගොස් පොලීසිය අගෞරවයට පත්නොකරන ලෙසත් අමාත්‍යවරයා එහිදී උපදෙස් ලබා දුන්නේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


