තමාට විරුද්ධව මඩ ප්‍රචාර දියත් කිරීම සඳහා මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායම එක්ව ප්‍රචාරණ ආයතනයකට බාරදී තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ(23දා) පැවසීය.
තමාට විරුද්ධව කිසිදු චෝදනාවක් ඉදිරිපත් කිරීමට නොහැකි බැවින් පෞද්ගලික ජීවිතය අලලා මඩ ගැසීම මෙම පිරිසේ සැලසුම වී තිබෙන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
ඉකුත් දිනකදී මෙම පිරිස එක්ව සාකච්ඡාවක් පවත්වා තිබෙන බවත්,එම සාකච්ඡාවට සම්බන්ධ වූ අයෙකු තමන්ට සියලු විස්තර ලබාදුන් බවත් ජනාධිපතිවරයා කීවේය.
ඒ අනුව ඉදිරියේදී වෙබ් අඩවි ඇතුළු අනෙකුත් මාධ්‍යවල මඩ ප්‍රචාර දියත් කිරීමට මෙම පිරිස සැලසුම් කර තිබෙන බවත්,තමාට මඩ ගසමින් කුමක් ප්‍රචාරය කළද තමන් ඒ කිසිවකට බිය නොමැති බවත් සිරිසේන මහතා අවධාරණය කළේය.
පිටකොටුව ප්‍රදේශයේ වෙළෙඳ ව්‍යාපාරිකයන් පිරිසක් එක්ව ටෙක්නිකල් හන්දිය අසල අද සවස සංවිධානය කර තිබුණු එක්සත් ජනතා නිදහස් සන්ධාන මැතිවරණ රැලියේදී ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.
පසුගිය ජනාධීපතිවරණයේදීද තමන්ට විරුද්ධව මඩ ප්‍රචාර දියත් කළ බවත්,එවැනි බාල උපක්‍රම මගින් තමන්ගේ ජයග්‍රහණය වැළැක්වීමට නොහැකි වූ බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දුන්නේය.
ෆයිසර් මුස්තාපා,චන්දිම වීරක්කොඩි යන අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ඡායාරූප - ෂමීර රාජපක්ෂ