තමන්ට දරුවන් නැති බවත් නමුත් රටට කුඩු ගේන්නේ නැති බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (20දා) පැවැදීසී. හිටපු අග්රාමාත්ය දී.මු. ජයරත්න මහතා පාර්ලිමේන්තුවේ කළ ප්රකාශයකට පිළිතුරු දෙමින් අග්රාමාත්යවරයා මෙම අදහස් දැක්වීය. පහතින් දැක්වෙන්නේ එම සංවාදයයි.
මන්ත්රී දී.මු. ජයරත්න - මහින්ද රාජපක්ෂ මැතිතුමා පමණක් නෙමෙයි. දැන් මේ ඔක්කොම හොරු. මේකේ (පාර්ලිමේන්තුවේ) ඉන්න 225ම හොරු, තක්කඩියේ, මිනීමරුවෝ. පල්හොරු. මොනවද ඉතිහාසයට යන්නේ. මොනවද පොඩි අය හිතන්නේ. මොකක්ද ඒ දරුවන්ගේ හැගීම් ඇත්වෙන්නේ. ඔබතුමාට නම් ප්රශ්නයක් නෑ දරුවෙක් නැති හින්දා.
අග්රාමාත්ය රනිල් වික්රමසිංහ - පළමුවෙන්ම මම කියන්නේ මට දරුවන් නෑ. එහෙම වුනත් මම කුඩු මේ රටට ගෙන්නේ නෑ. දරුවන් තියාගෙන කුඩු ගේන අය මිනීමරුවන්ටත් වඩා අපරාධකාරයෝ. එච්චරයි මම කියන්නේ තව කියන්න යන්නේ නෑ.