ශ්‍රීලංකා නිදහස් පක්ෂ නායකත්වය විසින් තමාට ලබාදුන් ආසන සංවිධායක ධූරය අභියෝගයට ලක්කිරීමට කුමාර වෙල්ගම මහතාට ඇති අයිතිය කුමක්දැයි අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ප්‍රශ්න කළේය.
අද(08) ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා පැවසුයේ තමා කිසිවකුගේ පිට උඩ නැග පාර්ලිමේන්තුවට නොපැමිණි බවය.
වෙල්ගම මහතා ඇතුළු කණ්ඩායම ගමින් ගමට ගොස් තමා පිළිබඳ බොරු ප්‍රකාශ සිදුකළ හෙයින් තමාගේ මනාප අඩුවු බවත් කෙසේ උවද මේවනවිට ශ්‍රීලනිප රැකගැනීමට කටයුතු කරන්නේ තම පිරිස මිස වෙල්ගම මහතා ඇතුළු කණ්ඩායම නොවන බවත් අමාත්‍යරයා කීය.
එමෙන්ම මහින්ද රාජපක්ෂ මහතා අගමැති කරන ලෙස පාක්ෂිකයන් නොඉල්ලන බවත් තමා වෙල්ගම මහතා මෙන් ඩබල් ගේම් ගහනා පුද්ගලයකු නොවන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.