මහ මැතිවරණයේ පරාජය පිළිගන්නා බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ප්රංශ පුවත් සේවයට පවසා තිබේ.
කෙසේ වෙතත් හිටපු ජනපතිවරයා විපක්ෂයේ මන්ත්රීවරයකු වශයෙන් කටයුතු කරනු ඇති බව ප්රංශ පුවත් සේවය වාර්තා කරයි.
'අගමැති වීමේ මගේ සිහිනය බොඳ වෙලා යනවා. මම පරාජය භාරගන්නවා. අපි හොඳ තරගයකින් පැරදුණා' යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්රංශ පුවත් සේවයට පවසා ඇත.
මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්රිය මහතා මැතිවරණයේ අවසන් ප්රතිඵලය නිවේදනය කිරීමට පෙර මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පරාජය පිළිගෙන ඇති බව ප්රංශ පුවත් සේවය වැඩිදුරටත් පවසයි.
'අපි දිස්ත්රික්ක 08ක් ජයග්රහණය කළා. එක්සත් ජාතික පක්ෂය දිස්ත්රික්ක 11ක් ජයග්රහණය කර තිබෙනවා. ඉන් කියැවෙන්නේ අප පරාජය වී ඇති බවයි. මෙය අසීරු සටනක් වුණා' යැයි මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් පවසා ඇත.