මෙගා පොලිස් වැඩසටහන යටතේ කොළඹ නගරයේ පවත්නා මාර්ග තදබදය අවම කිරීම සඳහා කඩිනම් විසඳුමක් ලෙස මගී බස් රථ සඳහා වෙනමම තනී මංතීරුවක් යොදාගැනීමට කටයුතු කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
ඒ අනුව කමිටුවක් මාර්ගයෙන් මසක් ඇතුළත වැඩපිළිවෙළක් සකසා මාර්තු මස සිට එය ක්‍රියාත්මක කරන බවද නියාමන ව්‍යාපෘතියක් ලෙස මසක් ඇතුළත තෝරාගත් මාර්ග කිහිපයක මෙම ක්‍රමය අනුගමනය කිරීමට නියමිත බවද හෙතෙම අද (04දා) පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේය.