මාර්ග තදබදය අඩු කිරීමේ අරමුණෙන් හඳුන්වා දුන් 'මංතීරු නීතිය' අවස්ථානුකූලව ප්‍රා‘යෝගික දෙයක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා 'අද' ට පැවසීය.
ගිලන් රථයක ලෙඩෙකු රැගෙන යන අවස්ථාවකදී එම නීතිය අදාළ නොවන බව පැවසූ ගුණසේකර මහතා, රෝගියෙකු රහිතව ගිලන් රථයක් මාර්ගයේ ධාවනය වන්නේ නම් එයට මංතීරු නීතිය බලපාන බවද පවසා සිටියේය.
පොලිස් නිල රථයක් අපරාධකරුවෙකු ලුහුබැඳ යන අවස්ථාවකදී, ගින්නක් හෝ අපරාධයක් සිදුවූ ස්ථානයකට ධාවනය කිරීමේදී මංතීරු නීතිය බලාත්මක නොවන බවත්, සාමාන්‍ය රාජකාරි සඳහා පොලිස් නිල රථයක් මාර්ගයේ ධාවනය කරන අවස්ථාවේදී එම නීතිය ක්‍රියාත්මක වන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
මීට අමතරව මැති ඇමතිවරුන්ගේ රථවාහන සඳහාද මංතීරු නීතිය බලාත්මක වන බව මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. එහෙත් මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තු සැසි වාරයකට යන අවස්ථාවේදී පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ මංතීරු නීතියෙන් නිදහස් විය හැකි බවද හෙතෙම සඳහන් කළේය.