කොළඹ නගරය තුළ සහ කොළඹ නගරයට පිවිසෙන ප්රධාන මාර්ගයන්හි අද (12දා) ක්රියාත්මක කළ මංතීරු නීතිය යටතේ එම මාර්ග නීති උල්ලංඝනය කරන ලද රියදුරන් 1190කට නීතිය ක්රියාත්මක කිරීමට කටයුතු කළ බව රථවාහන පොලීසිය සඳහන් කරයි.
ඒ අනුව මෙම රියදුරන් සඳහා දඩ පත්රිකා නිකුත් කිරීම මෙන්ම සති අන්තයේ පැවැත්වෙන රථවාහන උපදෙස් පන්ති සඳහා කැඳවීමට කටයුතු කරන ලද බව පොලීසිය පවසයි.
මේ අනුව මෙම මංතීරු නීතිය ඉදිරියේදී ක්රියාත්මක කරනු ලබන අතර, ඒ මගින් කොළඹ නගරය තුළ රථවාහන කළමනාකරණය කර මාර්ග තදබදය අවම කිරීමට බලාපොරොත්තු වන බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.