රටක් දියුණුවට පත්වන විට රථවාහන භාවිතය ශීඝ්රලෙස ඉහළ යන අතර, ඒ සඳහා මාර්ග පද්ධතිය පුළුල්කර සංවර්ධනය කළත් අපේක්ෂිත මාර්ග තදබදය අඩුවීමක් නොවන බවත්, මේ සඳහා සාර්ථකම පිළිතුර රට තුළ පොදු ප්‍රවාහන සේවා ඉහළ නැංවීම බවත් ජාත්‍යන්තර වෙළෙඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසා සිටියේය.
කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමේදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. මෙහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"කොළඹ නගරයට පමණක් සීමා වී තිබූ රථවාහන තදබදය මේ වනවිට අනෙකුත් උප ප්‍රධාන නගර කරාද ව්‍යාප්තවී තිබෙනවා. මේ නිසා එම ප්‍රදේශවල කුඩා මාර්ග තුළද මේ වනවිට දැඩි මාර්ග තදබදයක් පවතිනවා.
මේ ගැටලුවත් සමග පැණ නගින අතුරු ප්රඵඵල භයානක සමාජ උවදුරක් විය හැකියි. මොකද, රැකියා සඳහා ගමන් ගන්නා පිරිස් මාර්ග තුළ කාලය නාස්ති කිරීමෙන් රටට අහිමි වන සේවා පැය ගණන ඉතා ඉහළයි. එසේම ජනතාවගේ මානසික පීඩනය ඉහළ යෑම තුළ ලෙඩ රෝග බහුල විය හැකියි. එමෙන්ම, වායු දූෂණය හේතුවෙන් පරිසරයට සිදුවන හානියද අති විශාලයි" යනුවෙනි.