මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවිර මහතාගේ පෞද්ගලික පරිහරණය සචහා වෙන්කර ඇත්තේ නිල වාහන තුනක් පමණක්බ බව එම අමාත්‍යාංශය පාර්ලමේන්තුවට දන්වා ඇත.
එසේම අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය සඳහා වෙන්කර ඇත්තේ නිල වාහන 6ක් පමණක් බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි.
අමාත්‍යවරයා සඳහා මර්සිඩීසී බෙන්ස් රථයක්, බී.එම්.ඩබ්ලිව් මොටර් රථයක්, ටොයෝටා ජීප් රථයක් ලබාදී ඇති බවත් කාර්ය මණ්ලය සඳහා නිසාන් මෝටර් රථ 4ක් හා කැබ් රථ 2ක් ලබාදී ඇති බවත් එම අමාත්‍යාංශය සඳහන් කරයි.