විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා එක්සත් ජාතීන් සඳහා එක්සත් ජනපදයේ තානාපතිනි, කැබිනට් මණ්ඩල සාමාජිකා සැමන්තා පවර් මහත්මිය, අද (24දා) දින නිව් යෝර්ක් හිදී හමුවිය.
එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් වලට ශ්‍රී ලංකාව සහභාගී වීමට ඇති ඉඩ ප්‍රස්තා වැඩි කර ගත හැකි ආකාර පිළිබඳව ඔවුහු පුළුල් පරාසයකින් යුතුව සාකච්ඡා කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
තානාපතිනි පවර් මහත්මිය හමුවීමෙන් අනතුරුව අමාත්‍ය සමරවීර මහතා එක්සත් ජාතීන් සඳහා ස්වීඩනයේ නිත්‍ය නියෝජිතවරයා විසින් පවත්වන ලද සංවාදයකට එක්සත් ජාතීන්ගේ සාමය ගොඩනැගීමේ කොමිෂන් සභාවේ සාමාජිකයින් සමග සහභාගී වූ බවත් විදේශ අමාත්‍යාංශය කියයි.
ශ්‍රී ලංකාවේ පශ්චාත් ගැටුම් අවධියේ සිදුවන පරිවර්තනය සහ සාමයේ ප්රතිලාභ අත්කර ගැනීමේ ආකාර ඇතුලත් සාමය ගොඩ නැගීමේ ප්රයත්න වලට උපකාරී කළ හැකි ආකාර පිළිබඳව මේ සාකච්ඡාවේ අවධානය යොමුව තිබේ.