ලංකා ඛනිජ තෙල් සංස්ථාව ගෙන තිබූ තීරණයක් නිසා පසුගිය දින දෙක තුළ ධීවර යාත්‍රාවලට භූමිතෙල් නිකුත් කිරීම සීමා වී තිබූ අතර ඒ සම්බන්ධයෙන් ධීවර සහ ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග කළ සාකච්ඡාවලින් අනතුරුව එම අර්බුදය නිමාවී තිබේ.
මෙලෙස ධීවර යාත්‍රාවලට භූමිතෙල් නිකුත් කිරීම සීමා කිරීමට ගත් තීරණය දිවයිනේ ඇතැම් ප්‍රදේශවලින් වාර්තා වුණු භූමිතෙල් අවභාවිතය නිසා සිදුවූවක් ලෙසින් දැක්වේ.
එසේම කිසියම් ප්‍රදේශයක ධීවර ජනතාවට මෙවැනි තත්ත්වයක අර්බුද උද්ගතවේ නම් තමන්ට දැණුම් දෙන ලෙස අමාත්‍යවරයා පවසයි.