ඉන්ධන පිරවුම් හලේ පොම්ප යොදාගනිමින් බවුසර රථවලට භූමිතෙල් පැටවීමේ චෝදනාවට වැරැදිකරු වූ නාවල පාරේ විවෘත විශ්වවිද්‍යාලය ඉදිරිපිට පිහිටි ඉන්ධන පිරවුම් හලේ පොම්පවලට සීල් තැබීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කර තිබේ.
ලංකාවේ පවතින නීතියට අනුව ඉන්ධන පිරවුම් හලක සිට බවුසර රථයකින් වෙනත් ස්ථානයකට භූමිතෙල් රැගෙන යාම සපුරා තහනම් ක්‍රියාවක් බවත්, මේ නිසා අදාළ ඉන්ධන පිරවුම් හලේ පොම්පවලට සීල් තැබීමට කටයුතු කළ බවත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ බෙඳුම්කාරීත්ව ධුරය දරන මෙම ඉන්ධන පිරවුම් හලේ පාලන අධිකාරියට එරෙහිව නීති මගින් කටයුතු කිරීමට නියමිතය.