ශ්‍රී ලංකාවේ භූමිගත දත්ත සහ තොරතුරු ඇතුලත් ජාතික මට්ටමේ භුමිගත තොරතුරු යටිතල පහසුකම් පද්ධතියක් (Sri Lanka National Spatial Data Infrastructure) ජාත්‍යන්තර ප්‍රමිතීන්ට සහ නිර්නායකයන්ට සකස් කෙරෙන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි.
ඒ අනුව, ප්‍රධාන අංශ 12 ක් පමණ මුල් කර ගනිමින් මෙම දත්ත සහ තොරතුරු පහසුකම් පද්ධතිය සකස් කෙරෙන බවත්, මේ යටතේ අධ්‍යාපන, ප්‍රවාහන, සෞඛ්‍යය, කෘෂිකාර්මික, වාරිමාර්ග, ආපදා කළමනාකරණ, වනජීවී සහ වන සංරක්ෂණ, කාලගුණික හා දේශගුණික ආදී අංශ යටතේ තොරතුරු එක්රැස් කෙරෙන බවත් නියෝජිතායතනය පවසයි.
ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන කටයුතු සැලසුම් කිරීම මෙන්ම මෙරට ජනතාවගේ ජීවන තත්ත්වය නඟා සිටුවීම ආදී කටයුතුවලදී මෙවැනි තොරතුරු පද්ධතියක් බෙහෙවින් වැදගත් බවත්, විශේෂයෙන් ආයෝජකයන්ට ආයෝජන සදහා සුදුසු ප්‍රදේශ හඳුනාගැනීම ආයෝජනයන්හි අවදානම හෝ සුරක්ෂිතතාවයන් හඳුනා ගැනීම මෙවැනි පහසුකමක් තුළින් ඇතිවන සේවාවක් බවත් නියෝජිතායතනය වැඩිදුරටත් පවසයි.