ඉතාලියට බල පෑ භූමි කම්පාවෙන් කිසිඳු ශ්‍රී ලාංකිකයෙකුට හානියක් සිදුව නැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරනවා. බොහෝ පිරිසකට මරු කැඳවමින් ඉතාලියට භූමි කම්පාවක් බලපෑ අතර ඒ පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යාංශය ට්විටර් පණිවිඩයක් යොමු කරමින් මේ බව පවසයි. එසේම ඒ පිළිබඳව තොරතුරු අවශ්‍ය නම් +393456035197 යන අංකයට අමතන ලෙසද විදේශ කටයුතු අමාත්‍යාංශය කියයි.