භූතාපයෙන් විදුලිය හදන්න පුළුවන් නම් රජයේ අතහිත
භූ තාපයෙන් විදුලිය නිෂ්පාදනය කළ හැකි පුද්ගලයන් සිටීනම් ඔවුන්ට අවස්ථාව ලබාදීමට රජය සූදානම් බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා අද (14දා) පාර්ලිමේන්තුවේදී මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
භූ තාපයෙන් විදුලිය නිපදවීම සම්බන්ධයෙන් ප්‍රයෝගික වැඩපිළිවෙළක් ඇත්නම් ඒ වෙනුවෙන් අවශ්‍ය පහසුකම් ලබාදීමටත් නිපදවන විදුලි ඒකකයක් රුපියල් 23.10 ට ලබාගැනීමටත් රජය සූදානම් බවද අජිත් පී. පෙරේරා මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ පිහිටි උණුදිය උල්පත් තුළින් විදුලිය නිෂ්පාදනය කර ජාතික විදුලි පද්ධතියට එක්කිරීමේ ක්‍රමයක් ශ්‍රී ලාංකිකයෙකු සොයාගෙන ඇති නමුත් ඒ සම්බන්ධයෙන් රජය නිසි ප්‍රතිචාරයක් නොදක්වා ඇති බව සමාජ වෙඩ් අඩවි තුළ වාර්තාවී ඇති බව නිහාල් ගලප්පත්ති මන්ත්‍රීවරයා සභාවට ප්‍රකාශ කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


