නේපාලයට බලපෑ දෙවැනි ප්රබල භූ කම්පනයෙන් විපතට පත්වූවන් සෙවීමේ මෙහෙයුම් මේ වනවිට අරඹා ඇති බව එරටින් වාර්තා වෙයි.
භූමිකම්පාවෙන් නේපාලයේ පමණක් පුද්ගලයන් 48කට ආසන්න පිරිසක්ද, ඉන්දියාවේ පුද්ගලයන් 17 දෙනෙකුද ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඉන් තුවාල ලැබූ නේපාල ජාතිකයන් ප්රමාණය 1,100ක් පමණ වන බව විදෙස් වාර්තා පෙන්වාදෙයි.
මේ අතර, සහන සේවකයන් 08 දෙනෙකු රැගත් ඇමෙරිකානු හෙලිකොප්ටරයක්ද අතුරුදන්ව ඇති බවට නේපාලයෙන් වාර්තා වෙයි.
රික්ටර් පරිමාණ 7.3ක භූ කම්පනය හේතුවෙන් ඊයේ රාත්රියේ දහස් ගණන් නේපාල ජාතිකයන් විවෘත භූමි තුළ රාත්රිය ගත කර තිබුණි.
එමෙන්ම, පසුගිය 25 වැනිදා ජීවිත 8,000ක් බිලි ගනිමින් ඇති වූ භූ කම්පනයෙන් පසු තවමත් විශාල පිරිසක් අවතැන් කඳවුරුවල දිවි ගෙවන බවද විදෙස් වාර්තා පවසයි.
.jpg)
.jpg)
.jpg)