ඇෆ්ගන්-පාකිස්තාන දේශසීමා භූ කම්පනයෙන් මියගිය පිරිස මේ වනවිට 300 ඉක්මවා ඉහළ ගොස්, තවත් 2,000කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.
ඊයේ සවස රික්ටර් පරිමාණ 7.5ක භූ කම්පනයක් ලෙස ඇති වූ මෙම ඛේදවාචකයෙන් ඇෆ්ගනිස්තානයේ මෙන්ම, පාකිස්තානයේ ග්‍රාමීය කඳුකර ප්‍රදේශ රැසකට දැඩි අලාභානි සිදුකර තිබුණි.
කෙසේ වෙතත්, මෙම දුෂ්කර ප්‍රදේශ වෙත මුදාගැනීමේ කණ්ඩායම් යවා ඇති බවත්, භූ කම්පනයෙන් වූ හානිය පිළිබඳව තවමත් නිශ්චිත තොරතුරක් ලබාදිය නොහැකි බවත් දෙරටේම බලධාරීහු පවසති.
එමෙන්ම, භූ කම්පනයේ අපිකේන්ද්‍රය පොළව අභ්‍යන්තරයේ වඩාත් ගැඹුරින් සිදුවීම නිසා, ප්‍රබල භූ කම්පනයක් වුවත් ඉන් සිදුවූ හානිය යම්තරමකින් අඩුවී ඇති බවද කියැවෙයි.
කෙසේ වෙතත්, මෙවැනි ප්‍රබල භූ කම්පනයකින් පසුව තවත් ප්‍රබල පසු කම්පන ඇතිවිය හැකි නිසා ප්‍රදේශයේ ජනතාව බියෙන් තැතිගෙන, දැඩි ශීත කාලගුණය මධ්‍යයේ වුවද එළිමහනේ රාත්‍රිය ගතකර ඇති බව විදෙස් වාර්තා පවසයි.
ඇෆ්ගනිස්තානයේ ප්‍රධාන විධායක ලෙස කටයුතු කරන අබ්දුල්ලා අබ්දුල්ලා පවසන්නේ පසුගිය දශක කිහිපයේ ඇෆ්ගනිස්තානයට බලපෑ ප්‍රබලම භූ කම්පනය මෙය බවයි.