නේපාලට බලපෑ ප්රබල භූ කම්පනයෙන් පසුව ඊට ගොදුරු වූ ප්රදේශ ආශ්රිතව රෝග පැතිරීමේ දැඩි අවදානමක් පවතින බව සහනාධාර ආයතන පවසයි.
තවමත් ප්රමාණවත් තරම් කූඩාරම්, පිරිසුදු ජලය නොමැති වීම හා සනීපාරක්ෂක පහසුකම් නොමැති වීම හේතුවෙන් කොලරාව, පාචනය හා ජලය ආශ්රිතව බෝවන රෝග රැසක් පැතිරෙමින් පවතින බව පෙන්වා දෙයි.
මේ අතර, ළඟා වීමට නොහැකි ප්රදේශ රැසක තවමත් හිසට වහලක් නොමැතිව එළිමහනේ සිටින පිරිස් සිටින බව වාර්තා වෙයි.
රික්ටර් පරිමාණ 7.8ක ප්රබල භූ කම්පනය හේතුවෙන් 7,500ක පමණ පිරිසක් ජීවිතක්ෂයට පත්වූ අතර, තුවාල ලැබූවන් 15,000ක් පමණ වූහ.