බලංගොඩ ප්‍රදේශය ආශ්‍රිතව ඇතිවු සුළු භූ කම්පන තත්ත්වය හේතුවෙන් කිසිවෙකුහෝ හානියක් සිදුව නැති බවත් මේ පිළිබඳව කලබල නොවිය යුතු බවත් භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය පැවසීය.
බලංගොඩ ප්‍රදේශය ආශ්‍රිතව සුළු භූ කම්පන තත්ත්වයක් අද අළුයම 02.50ට පමණ වාර්තා වී ඇති අතර දහවල් 02.20ට පමණ පසු තවත් කම්පනයක් ද වාර්තා වී ඇති බව භූ විද්‍යා සහ පතල් කැනීම් කාර්යාංශය සඳහන් කළේය. එම කාර්යංශයේ පල්ලේකැලේ පිහිටි භූ කම්පන මධ්‍යස්ථානයේ මෙම කම්පන තත්ත්වය සටහන්වි තිබේ.
බලංගොඩ, ඉඹුල්පේ, මහවලතැන, වැලිගෙපොල ප්‍රදේශවලට මෙම භූ කම්පන තත්ත්වය දැනී ඇති බව සඳහන්ය.