භික්ෂූන් වහන්සේලාගේ නඩු අසන වේගයෙන්ම අනෙකුත් පුද්ගලයන්ට එරෙහිව ඇති නඩු කටයුතුද විභාග කරන ලෙස මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
නාගරික සංවර්ධන අධිකාරියේ 40 වැනි සංවත්සරයට සමගාමීව සංවිධානය කළ මහජන ජංගම සේවාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මේ බව පැවසූයේය. මෙය කොළඹ 07, නිදහස් ආකේඩ් පරිශ්‍රයේදී අද (18 දා) උදෑසන ආරම්භ කෙරිණි.
අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පවසා සිටියේ සැමට සමානව නීතිය ක්‍රියාත්මක විය යුතු බවයි.