භික්ෂූන් වහන්සේලා නොමැතිකමින් රට පුරා විහාරස්ථාන 153 ක් වැසී ගොස් ඇති බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (10 දා) පාර්ලිමේන්තුවට හෙළි කළේය.
අමාත්‍යවරයා මෙසේ පවසා සිටියේ එක්සත් ජාතික පක්ෂ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලෙසය.
එහිදී අදහස් දැක්වූ පෙරේරා මන්ත්‍රීවරයා කියා සිටියේ, ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායකවරයා කී පරිදි විහාරස්ථාන විශාල ප්‍රමාණයක් භික්ෂූන් වහන්සේලා නොමැතිකමින් ක්‍රියාත්මක නොවන තත්ත්වයේ පවතින බවයි.
මේ නිසා මෙම විහාරස්ථාන සඳහා භික්ෂූන් පත්කර ඒවා ක්‍රියාත්මක තත්ත්වයට පත්කරන ලෙසට රජය අවශ්‍ය කටයුතු කළ යුතු බවද මන්ත්‍රීවරයා ඉල්ලා සිටියේය.
මෙහිදී එයට පිළිතුරු දුන් දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේ, අදාළ විහාරස්ථාන සඳහා භික්ෂූන් වහන්සේලා පත්කිරීමේ නෛතික බලය පවතින්නේ අදාළ විහාරස්ථාන අයත් නිකායන්හි මහානායක නාහිමිවරුන් වහන්සේලා වෙත බවයි.