ධීවර වරායන්හි භාවිතයට නොගෙන ඉවත දමා තිබෙන සියලුම ධීවර යාත්‍රා ඉවත් කිරීමට හෝ විනාශ කිරීමට නීතිපති උපදෙස් පරිදි පියවර ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
ජාතික ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව වත්තල දික්ඕවිට ධීවර වරාය පරිශ්‍රයේදී අද (20දා) පැවැති ඩෙංගු මර්දන වැඩසටහනේදී අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.
ධීවර වරායන්හි අත්හැර දමන ලද ධීවර යාත්‍රා විශාල ප්‍රමාණයක් තිබෙන බවත් බහුතරයක් නඩු භාණ්ඩ බවත් අමාත්‍යවරයා මෙහිදී පවසීය. එම යාත්‍රා වසර ගණනක් තිස්සේ භාවිතයට නොගෙන තැබීම නිසා ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන බවට මේවා පත්ව ඇති බවද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
මෙවැනි ධීවර යාත්‍රා 181ක් ධීවර වරායන් හා ඇති බැවින් නීතිපති උපදෙස් මත ඒවා විනාශ කිරීමට හෝ ඉවත් කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.