19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව මහ මැතිවරණය පවත්වා නව ආණ්ඩුවක් පවත්වන තෙක් භාරකාර රජය බවට පත්වන්නේ කැබිනට් අමාත්‍යවරුන් පමණක් බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47 වැනි වගන්තියට අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු මහ මැතිවරණය පවත්වා නව ආණ්ඩුවක් බලයට පත්වන තෙක් භාරකාර රජයක් බවට පත්වන්නේ කැබිනට් අමාත්‍යවරුන් පමණක් බැවින් මෙම ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් ලෙස කටයුතු කළ සියලු දෙනාගේ තනතුරු අහෝසි වන බවත්, ඔවුන් භාරකාර රජයේ අමාත්‍යවරුන් වශයෙන් කටයුතු නොකරන බවත් ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.