භාණ්ඩ රැසක මිල අඩු වීමත්, මෛත්‍රී පාලනයක් යටතේ පොරොන්දු වූ රජයේ සේවකයන්ගේ පඩි වැඩිවීමත් අද (29දා) ඉදිරිපත් කෙරෙන අතුරු අයවැය යටතේ සිදුවන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසා සිටියේය.
මෛත්‍රී පාලනයක් යටතේ බිහි වූ නව රජය ජනතාවට සහන ලබාදීමේ අරමුණින් අද (29දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අතුරු අයවැය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයාගෙන් 'අද' කළ විමසීමකදී හෙතෙම මේ බව පවසා සිටියේය. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
'භාණ්ඩ රැසක මිල අඩුවීමත්, මෛත්‍රී පාලනයක් යටතේ පොරොන්දු වූ රජයේ සේවකයාගේ පඩි වැඩිවීමත් අද (29දා) ඉදිරිපත් කෙරෙන අතුරු අයවැය යටතේ සිදුවෙනවා. මෙතරම් සහන ලබාදුන්නත්, ඒ වෙනුවෙන් සත පහකින්වත් දුප්පත් ජනතාවට හානියක් වන බදු බර වැඩි වෙන්නේ නැහැ. ඒ වගේම, දැනට පවතින අයවැය හිඟයත් සත පහකින්වත් වැඩි වීමට ඉඩ තබන්නේ නැහැ. එහිදී, අතුරු අයවැයට අවශ්‍ය මුදල් පසුගිය කාලයේ සිදුවූ මහා දූෂණ වංචා අනාවරණය කරගනිමින් එක් පැත්තකින් අපට සොයාගැනීමට හැකිවුණා. ඒ වගේම, විශාල ව්‍යාපෘතිවලට අති දැවැන්ත මුදල් ඉහළ පොලීවලට වෙන්කර තිබුණා. ඒවායිනුත් විශාල මුදලක් අපිට එකතු කරගැනීමට හැකි වී තිබෙනවා' යැයි පවසා සිටියේය.