භාණ්ඩ 11ක මිල අඩුකිරීමට කටයුතු කරනවා. අර්තාපල් සඳහා විශේෂ වෙළදපොල බද්ධ කිලෝග්‍රෑමයට රුපියල් 25කින් අඩුකරනවා. ඒ අනුව රුපියල් 75-85ක් පමණ මිලදී ගත හැකියි.ලොකු ලූණු සඳහා විශේෂ වෙළදපොල බද්ධ කිලෝග්‍රෑමයට රුපියල් 25කින් අඩුකරනවා. ඒ අනුව රුපියල් 85-95ක් පමණ මිලදී ගත හැකියි.
දේශීය කිරි ග්‍රෑම් 400 පැකට්ටුවක උපරිම මිල රුපියල් 295ක් කරනවා.
ටින් මාලු ග්‍රෑම් 425ක ටින් එකක මිල රුපියල් 125කින් අඩුකරනවා.
හාල් මැස්සෝ කිලෝවක උපරිම සිල්ලර මිල 410ක් කරනවා.
කට්ට කරවල කිලෝවක උපරිම සිල්ලර මිල 1100/- ක්ද, සාලයා කිලෝවක උපරිම සිල්ල මිල 425/- කට නියම කරනවා.
කඩල කිලෝවක උපරිම සිල්ලර මිල රු. 169/-ක් ලබාදීමට යෝජනා කරනවා.
භූමිතෙල් මිල රු. 10 කින්ද අඩු කිරනවා.ගෘහස්ථ කිලෝග්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක මිල රු. 150 කින් අඩුකරනවා.
පරිප්පු කිලෝවක උපරිම සිල්ලර මිල රු. 169/- කරනවා.
යැයි මුදල් අමාත්‍යවරයා අය-වැය ඉදිරිපත් කරමින් පැවැසීය.