ශ්‍රී ලංකා ප්‍රමිති සහතිකය (SLS) ලබාගැනීම යටතේ මේ වනවිට භාණ්ඩ 1000කට අධික ප්‍රමාණයකට ප්‍රමිති සහතිකය ලබාගෙන ඇතැයි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සඳහන් කරයි.
ආරක්ෂිත හිස්වැසුම් සඳහා SLS සහතිකය නිකුත් කිරීම යටතේ ආයතන 05කට ප්‍රමිති සහතික නිකුත් කර තිබෙන බවත්, SLS සහතිකය සඳහන් භාණ්ඩ ප්‍රමිතියෙන් උසස් බවද එම ආයතනයේ අධ්‍යක්ෂක ජනරාල් ටී.ජී.ජී. ධර්මවර්ධන මහතා සඳහන් කළේය.
ජලය පුරවන බෝතල් සඳහාත් SLS සහතිකය අනිවාර්ය කර තිබෙන බවත්, මේ වනවිට ජල බෝතල් නිෂ්පාදනය කරන්නන්ගෙන් 95%කට වැඩි ප්‍රමාණයක් SLS සහතිකය ලබාගෙන තිබෙන බවද අද (21දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම පවසා සිටියේය.