ධර්මපාල පරපුර සහභාගීත්වය ඇතුළු බෞද්ධ සංස්කෘතික පුනර්ජීවන කමිටුවේ මෙහෙයවීමෙන් සකස් කරන ලද ඓතිහාසික වාර්තාව අද (6දා) අරලියගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලබාදීම සිදුවිය.
පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේනාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම හිමිපාණන් වහන්සේ අතින් ජනාධිපතිවරයා එම වාර්තාව පිළිගන්නා ලදී.
විද්‍යෝදය පරිවේනාධිපති පූජ්‍ය බලංගොඩ සෝභිත හිමිපාණන් වහන්සේ, අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ කාරක සංඝ සභික ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමිපාණන් වහන්සේ, සමස්ත ලංකා ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී ශාස්ත්‍රපති පූජ්‍ය ගෝණදූවේ ගුණානන්ද හිමිපාණන් වහන්සේ, සම්බෝධි විහාරයේ විහාරාධිපති පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමිපාණන් වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නයද, බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් එම්.කේ.බී. දිසානායක, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් බී.කේ.එස්.රවීන්ද්‍ර යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.