බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභා මාසික රැස්වීම අද (21දා) පැවැති අතර එහිදී තමාගේ අවසරය නැතිව රැස්වීම වාර්තා නොකරන ලෙස උපසභාපති පද්මසේන මාවැල්ලගේ මාධ්‍යවේදීන්ට දැන්වීය.එයට මන්ත්‍රීවරුන්ගෙන්ම විරෝධය එල්ලවිය. උප සභාපති පද්මසේන මාවැල්ල මහතා සභාව කරගෙන යාමට කටයුතු කළේය. නමුත් සන්ධානයේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ විරෝධතාව දිගින් දිගටම එල්ලවිණි. උපසභාපතිවරයා විසින් තදබල ලෙස, මාධ්‍ය වාරණයක් ගෙන ආවත්, ආණ්ඩු සහ විපක්ෂ මන්ත්‍රී යෝජනා ස්ථිරත්වයෙන් මාධ්‍යවේදීන්ට සභාවතුළට පැමිණීමට අවසර ලැබුණි.
මේ අතර මහින්ද රාජපක්ෂ මහතා අල්ලස් කොමිසමට කැඳවීම සම්බන්ධව මන්ත්‍රීවරු 04 දෙනෙක් සභාව මැද මේස මත වාඩිවී උපවාසයේ යෙදීම ආරම්භ කළහ. උපසභාපති විසින් සභාව විනාඩි 15 කට කල් තබනු ලැබීය. ප්‍රදේශයේ ජනතාවගේ ගැටලු විසඳීමට සභාවේ කටයුතු කරගෙන යායුතුයැයි පොදු තීරණයකට මන්ත්‍රීවරු පැමිණීමෙන් අනතුරුව විරෝධතාව අවසන් විය.
හිනිදුම- රවීන්ද්රශ්රීලාල්/රවීදු දීයගහගේ