ගෞතම බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වූ බුද්ධ ගයාවේ බෝධීන් වහන්සේ ඉතාමත් හොඳ තත්ත්වයෙන් පවතින බව ශාක විශේශඥයින් සඳහන් කර තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මෙම බෝධින් වහන්සේට දිලීර රෝගයක් වැළදි ඇති බවට වාර්තා වූ තොරතුරු වලින් පසුව එය පරීක්ෂාකරමින් විද්‍යාඥයින් අදාළ තහවුරුව ලබාදී තිබේ.
එසේම බෝධීන් වහන්සේ ආරක්ෂා කිරීම සඳහා එයට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට විද්‍යාඥයින් කටයුතු කොට තිබේ.
බුද්ධවර්ශ 288දී රෝපණය කළ බවට වාර්තා වන අතර එම මව් බෝධීන් වහන්සේගෙන් පැවැත එන බෝධීන් වහන්සේලා වර්තමානයේ දැකිය හැක.
මව් බෝධීන් වහන්සේ හත්වැනි ශතවර්ෂයේදී අභාවයට පත්ව ඇති බවද, ඉන් අනතුරුව ශ්‍රී ලංකාවට ගෙන ආ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් නැවතත් බුද්ධගයාවේ රෝපණය කර තිබෙන බවද ඉන්දීය මාධ්‍යවාර්තා කරයි.