මිනිස් ජාවාරම්කරුවන් වෙත හසු නොවන ලෙස ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය යළිත් වරක් මෙටෙ ජනතාවගෙන් ඉල්ලා සිටියි. එරට වෙත අනවසරයෙන් බෝට්ටු මගින් පැමිණෙමින් සිටි කණ්ඩායම් තුනක් ආසන්න කාලසීමාවේදී අත්අඩංගුවට ගැනීමත් සමගින්ම ඔවුන් මෙම නිවේදනය නිකුත් කර තිබේ.
පසුගිය දෙසැම්බර් මාසයේදී සිදුවුණු මේ එක් සිදුවීමකදී ශ්‍රී ලාංකිකයන් 29 දෙනෙකු රැගත් යාත්‍රාවක් එරට වෙරළාරක්ෂකයන්ගේ නිරීක්ෂණයට ලක්ව ඇති අතර, ඔවුන් සියලු දෙනාම නැවතත් ශ්‍රී ලංකාව වෙත හරවා යවා ඇත. එසේම තවත් සිදුවීම් දෙකකදී ඔස්ට්‍රේලියාව වෙත පැමිණෙමින් තිබූ යාත්‍රා දෙකක් ශ්‍රී ලාංකික බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
කෙසේ වෙතත් අත්අඩංගුවට ගත් මේ පිරිසගෙන් කිහිප දෙනෙකු තමන් ඔස්ට්‍රේලියාවට නොව නවසිලන්තයට යමින් සිටි බවට විශ්වාස කළ බවක් පවසා ඇතැයිද මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කර සිටියි. ඒ අනුව තවමත් ජනතාව බෝට්ටු මගින් ඔස්ට්‍රේලියාවට හෝ නවසීලන්තයට යාමේ හැකියාව සම්බන්ධයෙන් විශ්වාස කර තිබෙන බවත් එවැනි උත්සායක් ගැනීම අනතුරුදායක බවත් ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් බ්‍රයිස් හචෙස්සෙන් මහතා පවසයි.