නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් නවසීලන්තය බලායාමට රැඳී සිටි පුද්ගලයන් 18 දෙනෙකු බෝට්ටු 02ක් සහ වෑන් රථයක් සමග මීගමුවේදී අත්අඩංගුවට පත්ව තිබේ.
මීගමුව කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ (24දා) සවස 01.30 ට පමණ මෙම අත්අංගුවට ගැනීම සිදුකර ඇති අතර, වැඩිදුර විමර්ශනය සඳහා ඔවුන් මීගමුව පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබේ.
මෙම සැකකරුවන් අතර පුද්ගල ජාවාරම සැලසුම් කිරීම සම්බන්ධව ප්රධාන සැකකරුවන් 06 දෙනෙකුද සිටින බව පොලීසිය පවසයි.
අත්අඩංගුවට පත් සැකකරුවන් වයස අවුරුදු 19ත්, 47ත් අතර වයස්වල පසුවන මීගමුව, දළුපොත, කල්මුණේ, කලවංචිකුඩි, මඩකලපුව යන ප්රදේශවල සැකකරුවන් වේ.
ඔවුන් අද (25දා) මීගමුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.