(UPDATE 16.20 PM) ඉල්ලීම් තුනක් මුල්කර ගනිමින් බෝගල පතලේ සේවකයන් ආරම්භ කළ වැඩවර්ජනය අවසන් කරනු ලැබීය.
ඔවුන්ගේ ඉල්ලීම් ලබාදීමට පාලනාධිකාරිය එකග වීමත් සමගින් සේවකයෝ උපවාසය අවසන් කළහ.
කෙසේ වෙතත් ඒ සඳහා එක්ව සිටි සේවකයන් දෙදෙනෙක් රෝගාතුරව රෝහල් ගත කරනු ලැබීය.
බෝගල පතලේ සේවකයන් ආරම්භ කර ඇති උපවාසයට විසඳුම් නොලැබීම නිසා එම උපවාසය දෙවැනි දිනටත් අද (11දා) ක්රියාත්මක වෙයි.
උපවාසයේ නිරතවන සේවකයන්ගේ සහායට අවට ගම්වාසීන්ද පැමිණ තිබේ.
ඔවුහු වැඩබිමේ සිටිමින් ආහාර පිසගෙන ආහාර ගනිමින් සිටියි. පාලනාධිකාරියේ කිසිවෙකුටත් එළියට යාමට ඔවුහු අවසථාවක් නොදෙති.
වැටුප් වැඩිකිරීම, නිල ඇඳුම් ලබාදීම හා නවක සේවකයන්ටත් දින 42ක වාරශික නිවාඩුව ලබාදීම සේවකයන්ගේ ඉල්ලිම් වෙයි.