ලෝකයේ දියුණු රටවල සහාය ලබාගෙන ශ්‍රී ලංකාවේ බෝ නොවන රෝග වළක්වා ගැනීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
ඉතාලියේ මිලානෝ නුවරදී ඉකුත්දා පැවති ජාත්‍යන්තර පෝෂණ සමුළුවේදී මේ පිළිබඳව අවධානය යොමුකළ බවත්, ලෝකයේ බොහෝ රටවල් ශ්‍රී ලංකාවට සහාය පළකිරීමට ඉදිරිපත් වූ බවත් ඇමතිවරයා සඳහන් කරයි. එම සමුළුවේදී පෝෂණ ප්රඥප්තියට අත්සන් කළ බවත්,ද සේනාරත්න මහතා කියා සිටියි.
ලංකාවේ බෝ නොවන රෝගවලට ප්‍රධාන හේතුවක් ලෙස වැරදි ආහාර පුරුදු භාවිතය හඳුනාගෙන ඇති බවද හෙතෙම ප්‍රකශ කරයි. ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරනුයේ, නිවැරදි ආහාර පුරුදු පිළිබඳව මහජනතාව දැනුවත් කරමින් බෝ නොවන රෝග වළක්වා ගැනීමේ රජයේ වැඩසටහන දියත් කරන බවයි.