වාචිකව ලබාදුන් වාර්ෂික වැටුප් වැඩිකිරීම ක්රියාත්මක කිරීම, මේ වසරට අදාළව මෙතෙක් ලබානොදුන් නිල ඇඳුම් ඉක්මනින්ම ලබාදීම හා ආයතනයේ සේවකයන්ට හිමි වාර්ශික නිවාඩු 42 නව සේවකයන්ට නිවාඩු 21ක් දක්වා අඩු කිරීමට ගත් තීරණය අවලංගු කිරීම යන ඉල්ලීම් තුන මුල්කරගනිමින් බෝගල පතලේ සේවකයන් අද (10දා) උදෑසන උපවාසයක් ආරම්භ කරනු ලැබීය.
පොළව මට්ටමේ සිට අඩි 1650ක් යටට වෙන්නට සේවකයන් 45 දෙනෙක් මෙම උපවාසය ආරම්භ කර තිබෙන අතර තවමත් එම උපවාසය ක්රියාත්මක වෙයි.