ශ්‍රී ලංකාව හා බොස්නියාව අතර පවතින සහයෝගීතාව වර්ධනය කිරීම පිළිබඳව දෙරටේ අවධානය යොමුව තිබේ. ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සහ බොස්නියානු තානාපති ආචාර්ය සබිට් සුබසික් (Sabit Subasic) මහතා අතර ආරක්ෂක අමාත්‍යාංශයේදී සිදුවූ හමුවකදී මේ පිළිබඳව සාකච්ඡා පැවැත්වීය.
මෙම සාකච්ඡාවේදි දෙරටට වැදගත් වන කරුණු රැසක් මෙම සාකච්ඡාවේදී අවධාරණය කෙරුණු බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.