මතභේදයට තුඩු දී ඇති බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කළ ජනපති කොමිසමට වාර්තාවක් යැවූ බවට මාධ්‍ය හමුවේදී තමා කළ ප්‍රකාශය අසත්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පිළිගෙන තිබේ.
ජනපති කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණි අවස්ථාවේදි ඔහු මේ බව පිළිගෙන ඇත. ඒ අනුව මන්ත්‍රීවරයාගේ ක්‍රියාකලාපය දෝෂ දර්ශණයට ලක්කළ බැඳුම්කර කොමිසම මාධ්‍ය හමුවේ අසත්‍ය ප්‍රකාශ නොකරන්නැයිද මන්ත්‍රීවරයාට අවවාද කර තිබේ.
බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් තමාට ප්‍රකාශයක් කිරීමට අවශ්‍ය බවත් ඒ සඳහා අවස්ථාවක් දෙන ලෙසත් මන්ත්‍රීවරයා කළ ඉල්ලීමකට අනුව ඔහුට මෙම කැඳවීම අද (09දා) කොමිසමෙන් ලැබුණි.