කොළඹ 07 හි නියම තත්වය බොරැල්ල නගරයටද ඉදිරි කාලයේදී ගෙන එන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පැවසීය.
රජයේ සේවකයින් වෙනුවෙන්ම ඉදිවන බොරැල්ල නව නිවාස සංකීර්ණයේ ඉදිකිරීම් අද(04) දින ආරම්භ කෙරමින් අමාත්‍යවරයා බොරුල්ල වෙනස්වන අයුරු පැහැදිලි කළේය.
වැඩිදුරටත් අදහස් දක්වමින් පාඨලී චම්පික අමාත්‍යවරයා පැවසුයේ මෙවැන්නකි.
බොරැල්ලේ සුවිශේෂී වෙනසක් ඉදිරි වසර 04 ඇතුළත දී ඇති කරන්න අපි බලාපොරොත්තු වෙනවා. බොරැල්ලේ අද තියන මංසන්දිය අසල තිබෙන ප්‍රදේශය සම්පූර්ණයෙන්ම වෙනස් තත්වයකට පරිවර්තනය කරන්න ඉදිරි කාලයේදී අපි කටයුතු කරනවා.
ඒ වගේම මේ ප්‍රදේශය හරහා ගුවනින් ගමන් කරන මහා මාරගයක් ඉදිවෙන්න නියමිතයි. ඒකට පසුගියදා කැබිනට් අනුමැතිය ලැබුණා. ඒ අනුව දැනට පෑලියගොඩ නව කැළණි පාලම දෙමටගොඩ හරහා මේ ප්‍රදේශ මැදින් රාජගිරිය දක්වා ඒ පාර ගමන් කරනවා ඇති. රාජගිරියෙන් ඔබ්බටත් ඒ මාවත අපි ඉදිකරන්න අපි බලාපොරොත්තුවෙනවා. කඩුවෙල අධිවේගී මාර්ගයටත් කඩුවෙලින් කොලොන්නාව හරහා කැළණි විහාරයටත් සම්බන්ධ කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ මාර්ගය පැමිණියාට පස්සේ ඒ ප්‍රදේශයේ විශාල දියුණුවක් ඇතිවෙනවා. ඒ වගේම දුම්රිය මාර්ග අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි අවුරුදු 04 ඇතුළේ ද්විත්ව විදුලි දුම්රිය මාර්ගයක් බවට කොට්ටාව දක්වා පරිවර්ථනය කරන්න. මේ ප්‍රදේශයට ලොකු දියුණුවක් ලැබෙනවා. ඒ වගේම අපි මේ කොළඹ නගරයේ පැල්පත්වාසී දුගී ජනතාව සඳහා වැඩපිලිවෙලක් ආරම්භ කරලා තිබුණා. අපි දැන් ඒක විධිමත්ව ඒක ඉදිරියට ගෙන යනවා. යනුවෙන් පැවසීය.