බොරලැස්ගමුවේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා ගණිකා වෘත්තියේ යෙදි සිටි කාන්තාවන් 10ක් හා එහි කළමාණාකාරිනිය අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. එසේම එයට අනුබල දුන් බව කියන පුද්ගලයෙකුද අත්අඩංගුවට පත්ව තිබේ.
පචකර්ම ආයුර්වේද මධ්‍යස්ථානයක් නමින් මෙම ගණිකා නිවාසය පවත්වාගෙන ගොස් තිබේ. මෙම අත්අඩංගුවට ගැනීම ඊයේ (24දා) සිදුකර තිබේ.