කොළඹ වරායෙහි පිහිටි බෝයාවේ නළයෙහි කැඩී ගිය කොටස මේ වන විට යථා තත්ත්වයට පත් කරමින් සිටින බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
දින දෙකේදී එය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කිරීමට අපේක්ෂා කරන බවද ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසා සිටියි .
මෙම සිදුවීම සම්බන්ධයෙන් මේ වන විටත් සංස්ථාව විසින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර එහිදී මූලිකව අනාවරණය වී ඇත්තේ කැඩී ගිය නළය 2012 වසරේදී මිලදී ගෙන ඇති බවයි.
එකී මිලදී ගැනීම සිදු කිරීමේදී මතභේදයට තුඩුදිය හැකි කරුණු රැසක් සිදුව ඇතැයිද අදාළ පරීක්ෂණයේදී තවදුරටත් අනාවරණය වී තිබේ.
එම පරීක්ෂණයේ අවසන් වාර්තාව මත ඉදිරි ක්‍රියා මාර්ග ගන්නා බවද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
එම සංස්ථාව තවදුරටත් අවධාරණය කරන්නේ බෝයාවේ නළය කැඩී යාම මත රට තුළ ඉන්ධන බෙදා හැරීමට කිසිඳු ආකාරයක බාධාවක් නොවන බවත් එය සාමාන්‍ය පරිදි සිදුවන කෙරෙන බවත්ය.