බොදු බල සේනා සංවිධානය අද (15දා) උදේ 10.00 ට අධ්‍යාපන අමාත්‍යාංශයේ දී අධ්‍යාපන අමාත්‍යවරයා හමුවන බව පවසමින් මාධ්‍ය ආවරණයක් ලබා ගැනීම සඳහා මාධ්‍ය ආයතන දැනුවත් කර ඇති නමුත් ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය දැනුවත් කර නොමැති බව අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එසේම මෙම හමුව සඳහා වේලාවක් හෝ වෙන්කර ගැනීමක් සිදුව නැතැයිද අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
ද්විපාර්ශ්වික හමුවක් ලෙස පැවැත්වෙනවා යැයි හැඟවෙන එම සාකච්ඡාව සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ හෝ අධ්‍යාපන අමාත්‍යවරයාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවද අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.