බේරුවල ධීවර වරායෙන් පසුගියදා බහුදින ධීවර යාත්රාවකින් මුහුදු ගිය ධීවරයෙකු යළි ගොඩබිමට පැමිණෙමින් සිටියදී ඊයේ (07දා) යාත්රාවෙන් මුහුදට ඇදවැටී අතරුදන්ව ඇති බව බේරුවල පොලීසිය සඳහන් කරයි.
මෙලෙස අතඅරුදන්ව ඇත්තේ බණ්ඩාරවත්ත බේරුවල ලිපිනයේ පදිංචි පැතුම් ද සිල්වා නමැති 38 හැවිරිදි ධීවරයෙකි.
අතුරුදන්වූ ධීවරයා ඇතුළු පිරිසක් බේරුවල ධීවර වරායෙන් පසුගියදා බහුදින ධීවර යාත්රාවකින් මුහුදු ගිය අතර ඊයේ (07දා) ඔවුන් යළි ගොඩබිමට පැමිණෙමින් සිටයදී බේරුවල ධීවර වාරය ආසන්නයේදී රළ පහරක් වැදීම හේතුවෙන් යාත්රාවේ සිටි මෙම ධීවරයා මුහුදට වැටී අතරුදන්ව ඇති බව බේරුවල පොලීසිය පවසයි.
මේ වන විට අතුරුදන් වූ ධීවරයා සොයා බේරුවල පොලීසිය සහ නාවික හමුදා නිලධාරීන් එක්ව මෙහෙයුමක් දියත්කොට ඇති බවද බේරුවල පොලීසිය පවසයි.